නොමළ මිනිස්සු සේම මළ මිනිස්සුද අප අතර සැරිසරති!
ප්‍රේමය, වෛරය, අහිමිවීම, පළිගැනීම ආදී සිතිවිලිවලින් ජීවය ලබන උහු, අන්ධකාරයෙන් ගිලීගිය රාත්‍රියක පමණක් නොව, හිරු එළිය මනාකොට පතිතවන උදාකාලයක වුව ඔබ සොයා පැමිණිය හැකිය.
අහස්, ධාරා, මධූ, තේජා ඇතුළු මිතුරු මිතුරියෝ පිරිසක්, නිවාඩුව ගතකිරීමට ඈත කඳුකරයේ පිහිටි බංගලාවකට පැමිණෙති. කලෙක සිට අප්‍රකාශිත ප්‍රේමයක විඳවීම තුරුලුකරගෙන සිටි ධාරා, සිය ප්‍රේමය කූටප්‍රාප්තියට පත්කරගැනීමට ආසන්න මොහොතක, අද්භූත සිදුවීම් දාමයක් ඇරඹේ.
අහස් යනු සැබැවින්ම කවරෙක්ද? පූර්ව ආත්මයක සිට ධාරා පතා පැමිණෙන අයෙක්ද? ඔවුන් පසුපස ලුහුබඳින අද්භූත ප්‍රාණියාගේ අරමුණ කුමක්ද?
ගම්මානයේ සිදු වූ අබිරහස් මරණ සියල්ලටම වගකිව යුත්තේ ඔහුද? වෙනත් අයෙක්ද?
සියල්ල අද්භූත සිදුවීම් පමණක් නොවේ!
සියල්ල අබිරහස් පමණක්ද නොවේ!!