"පාන් කීයක්ද ඕනැන්නෙ.?"
" එකක්.."
"අනේ එකද? මම හිතුව දහයක් විතර ගනියි කියලා."
"දහයක් මොකටද මම කඩයක් දාන්ඩද...?"
දෙදෙනාගේම දෙඇස් එකිනෙක ගැටිනි.
කලක සිට පාන් ගන්නා ඇය ළඟක සිට අමුතු ලෙන්ගතු බවක් මවාපායි. මොකක් හෝ කියමින් ටික වේලාවක් කතාවට රඳවා ගනියි. දයාසේනටද මෙය නවමු පිබිදීමකි.
පාන් ගෙඩිය දෙනගමන් ඔහු හිතාමතාම ඇගේ අත ස්පර්ශ කළේය.
"මොකද ඔව්වට එන්ඩ එපා..." ඒ වදන්වල ඇත්තේ කෝපයක් නොවන බව ඔහුට අවබෝධ විය.