අඩක් ඓතිහාසික සිදුවීම් වලින් ද, අඩක් පුරාණෝක්තීන් ගෙන් ද පිරි සම්පුර්ණයෙන් ම මායාකාරී වූ යුගයක් වෙත පිවිසෙන්න.
මායා මන්දිරය වූ කලී මහා භාරතය නම් වූ අකාලික පුරාවෘත්තය පාණ්ඩව සොයුරන් පස් දෙනාටම බිරිඳ වූ පංචාලි කුමරියගේ ස්තීවාදී ඇසින් විමසා බැලීමකි. අග්ගියෙන් වූ ඇගේ උප්පත්තිය ද, සිය ආදරණීය සොයුරාගේ සමාගමයෙන් පමණක් තනි මැකුනු හුදකළා ළමා විය ද, අභිරහස් ක‍්‍රිෂ්ණ සමඟ වූ සංකීර්ණ මිතුදුම ද, විවාහය ද, මාතෘත්වය ද, සිය ස්වාමියාගේ අති බිහිසුණු එදිර්වාදියා වන ගුප්තපුද්ගලයා කෙරේ ඈ තුළ වන රහස්‍ය ප්‍රේමය ද ඇතුලත් ච පංචාලියගේ ජීවිතය නිරූපණය කෙරෙන මෙය පුරුෂයන් උදෙසා සැදුණු ලොවක උපන් ස්ත‍්‍රියක ගැන කියැවෙන අති මානුෂීය වෘත්තාන්තයකි.
A bright a gem as the Hope Diamond'
-Los Angeles Times-
'Radiant... A charming and remarkable book'
-Houston Chronicle-
'Divakaruni's storytelling talents put her right up there with the best'
-Miami Herald-