"ඇයි චාන්‍යා අම්මිගෙන් මොනවා හරි ඇහුව්වද "
"නැහැ... එදා චානුකගේ ලියුම ආව දවසේ අංපු ඇඬිල්ලට මට හිතුනා ඒ දරුවට කිසි දෙයක් වාව ගන්න බැහැ කියලා... බේරන්න බැරිම තැන තමා මම ඔයාට කතා කළේ."
"ඉස්කෝලේ යන ළමයෙකුට වගේ එයාට සලකගෙන බලා කියා ගන්න දඟලන්න එපා... එයාගේ අම්මිලා අප්පච්චිලා හුරතල් කරලා තියන තරම හොඳටම ඇති... ඔයා එයාට ලේලියෙක්ගේ වගකීම දෙන්න... ඔයත් හුරතල් කරන්න යන්නේ නැතුව."
"ඇයි ඒවා මට කියන්නේ?"
"ඔයානේ වශී වෙලා අප්පච්චිටත් නොකියා උස්සන් ආවේ"
"ඉතින් මම වශී වෙලා උස්සන් ආව එකට උඹ මොකද වශී වෙලා හොරෙන්ම බැඳ ගත්තේ " කුමුදුනී සිනාසෙමින් ඇසුවාය.
" බැඳපන් කියලා ගෙදරටම ගෙනල්ලා දාලා තිබුණ එකේ මොන කෙහෙම්මලකට බලාගෙන ඉන්නද.... අනික මම කසාද බැන්දේ මම ගැන හිතලා නෙවෙයි ඔයා ගැන හිතලා... හුරතල් කරන්න බැරි නම් ඕන මඟුලක් කර ගන්න... හැබැයි මගේ එක්ක ඒ සෙල්ලම් බැරි වෙයි "