" අභිලාෂ්ට සිහිය ඇවිත්. එක්සිඩන්ට් එකෙන් පස්සෙ සිද්ධ වෙච්ච කිසි දෙයක් එයාට මතක නෑ. එයා බෝවිටියා කියල කෙනෙක්ව මට පස්සෙ අඳුරන්නෙ නෑ හලෝ..."
චන්ද්‍රල් කියන්නේ ඇත්තය. ආපසු මතකය ආ අභි මාව අදුරන්ගේ නැත. ඕවිටේ ගෙදර දුප්පත් බෝවිටියාව ඔහුට මතක නැත.
" තමුසෙව අභීගෙ වයිෆ් විදිහට තේරුවේ අම්මා. එයා මැරි කරලා කියල දැන ගත්තම එයා පුදුම වෙයි. ලන්ඩන්වල උපාධිය කරපු... ගෙදරත් ඉංග්‍රීසියෙන් කතා කරපු අභි තමුසෙ වගේ ගොඩේ කෙල්ලක්ව භාරගනී කියල හිතනවද?... අභී හොස් පිටිට්ල් එකේ ඉදලා මේ විහාර වලව්වට එන්න කලින් තමුසෙ යන්න තැනක් හොයා ගන්නවා...."
චන්දුල්ගේ වචන ඊතල වැනිය.. හිත තුවාල කරයි. මගේ දෙනෙතින් කදුළු බේරිණි. මුළු ලොවම විශ්වාස නොකළත් අභීගේ දරුවා මගේ කුසේය. ඔහුට මහ හුඟක් ආදරය කරන හිතින් මා ඔහු දමා කොහේ යන්නද?