මොනරදෙණිය ගමට උඩින් වැහි බන්ධනයක් දාලා තියෙනවා. ඔය වැහි බන්ධනයට ඉහළින් ආකහේ ඕන තරම් වැහි වලාකුළු තියෙනවා. කොච්චර ගැබ්බර වලාකුළු නිබ්බත් වැහි බන්ධනය හින්දා ආකහෙන් පොළොවට එක වැහි කඳුළක් වැටෙන්නේ නෑ. වැස්ස නැතුව ගියහම මිනිස්සුන්ට විතරක් නෙවෙයි, සතා සීපාවටත් ගම දාල යන්ඩ වෙනවා. සුන්නියට ඕන වුණේ ගම පාළු කරගන්ඩ.. අග්නි යාගෙ කරන්ඩ පුළුවන් ඊට පස්සෙ. අග්නි යාගෙ හරියට කෙරුවොත් දැනට සුන්නියගෙ ශරීරය බාගයක් බුක්ති විඳින ඒ අමනුෂ්‍ය ආත්මය සම්පූර්ණයෙන් ඒ ශරීරය බුක්ති විඳින්න පටන් ගන්නවා... ඒ වැඩේ නතර කරන්න ඕන.. මේ විශ්වයේ යහපතට වගේම අයහපතටත් උදව් කරන ශක්තීන් ඉන්නවා.. මේ මහපොළව උඩ යහපත ආරක්ෂා කරන ශක්තීන් ඔය ගැටුමෙදි සුන්නියයි එයාගෙ අඳුරේ බලයයි පරාද කරන්න උදව් කරාවි.