'' ධර්මය කියන්නෙ වෙනත් කවුරුහරි දේශනා කරපු දෙයක්.... මට වෙන කාගෙවත් ධර්මයකින් වැඩක්නා හොදයා.... මට මගේම ධර්මයක් තියෙනවා..."
මේ ගිනිගෙන දැවෙන ලෝකයේ - අවීචියේ නායකයා යම රජු කීවේය...
කවුරු අවබෝධ කරගෙන දේශනා කළත් ධර්මය කියන්නෙ මේ විශ්වයෙ සත්‍යය, සත්‍යයේ ස්වභාවය, මේ විශ්වය හා එහි සියලු ජීවීන් අතර සම්පූර්ණ ක්‍රියාදාමය... විශ්වයේ ඇත්ත තත්වය තේරුම් ගන්නත්, මේ දුක්ඛිත සසරින් එතෙර වන්නත් ඔබට...මට...ඔබ මා ඇතුළු සියලු සත්වයින්ට ධර්මය උවමනායි.’ උදාන්ත යම රජුට ඇත්ත තේරුම් කරවන්න උත්සාහ කළේය.
'සුගති ලෝකවල ධර්මයෙන් මට වැඩක් නෑ.මගේ ධර්මය මගේ වචනයයි. මම මුළු විශ්වය පුරා මගේ ධර්මය පතුරවනවා... මුළු විශ්වයම ලෝදියෙන් ගිනිදැල් වලින් වහනවා... ඒ දවස වැඩි ඇතක නෑ...""
යම රජු කීවේ උදාන්තගේ ඇඟ හිරිවැටෙන වියරු හිනාවක් නඟමින්ය.