‘මගේ බිරිඳ, සිසිලියා ෆිට්ස්පැට්‍රික් වෙත,
මගේ මරණය සිදු වුවහොත් පමණක් විවර කර බැලීමට.’
ඒ රහසිගත ලිපිය හමුවීමට පෙර,
සිසිලියා ෆිට්ස්පැට්‍රික් සාර්ථකත්වයේ හිණිපෙත්තටම ළඟා වූ කාන්තාවක් වූවාය. ව්‍යාපාරික වශයෙන් සාර්ථක වූවා සේම, ඈ බිරිඳක හා මවක ලෙසද සිය කුඩා පවුලට නැතිවම බැරි තැනැත්තියක විය.
ඒ රහසිගත ලිපිය හමුවීමෙන් පසු,
සියල්ල වෙනස් විය.
ඇගේ ජීවිතය පමණක් නොව, රේචල් හා ටෙස් හට පවා එතැන් සිට මුහුණදීමට සිදු වූවේ අනපේක්ෂිත සිදුවීම් ගණනාවකටය.
ඈ ආදරය කළ සියලුදෙනාගේ ජීවිත කම්පිත කරවමින්, මේ සියලු රහස් හෙළි කිරීමට ඇයට හැකිය.
නැතහොත්, අභියෝගයට හුදෙකලාවම මුහුණපාමින්, ඈ නිහඬව සිටිය යුතුය.
ඇගේ තේරීම කුමක් විය හැකිද?