මෙයට හැට වසරකට පෙර, මෙරට බස්නාහිර පළාතේ ග්‍රාමීය සමාජය තුළ පැවැති සරල, නිසංසල ජීවන රටාව, දෙවන ලෝක සංග්‍රාමයේ උණුසුම හා තෙරැපුම මැද දෙදරුම් කෑ හැටි 'අතවැසියෝ' නවකතාව තුළින් විමසා බැලේ.
අග හිඟකම් හා බිය සැක මැද වුව ද, එදා මිනිස්සු ආගම, නිදහස හා ජාතික ගැටලු පිළිබඳව බෙහෙවින් සංවේදීව උන්හ.
ආවේනික සාරධර්ම නමැති සීමා පවුරු තුළ ඔවුන් යොවුන් ආදරය මෙන්ම පවුල් ජීවිතය ද නිරවුල්ව ගෙන ගිය හැටි ජයකොඩි සෙනෙවිරත්න 'අතවැසියෝ' නවකතාවෙන් නිරූපනය කරයි.