අවාසනාව කෙතරම්දැයි කිවහොත්, ඔහු අහම්බෙන් පය තබන්නේ බ්‍රසීල නාවුක හමුදාව විසින් තවත් හෝරාවකටත් අඩු කාලයකදී පුපුරා දමන්නට සැලසුම් කරන ලද දූපතකටය. එහෙත් හැමවිටම වාගේ වාසනාව මේ අමුත්තා, ජෝ කොවාල්ස්කි අතහැර යන්නට නොකැමති වෙයි. වියරු මිනීමස් බුදින්නන්ගෙන් බේරී මහා වික්‍රමයක් සිදුකළ කොවාල්ස්කිට මේ වනගත දූපතේදී සුන්දරියන් තිදෙනෙකු මුණගැසෙයි.
එහෙත් ඔහුගේ සැබෑ ආදරය හිමිවන්නේ කාටද?
ඒක පුදුම ආදරයක් වන්නේ එබැවිනි.