බුදු දහමින් හික්මවන ලද ගැමි සමාජය චිරාත් කාලයක් සරල ඇවැතුම් පැවැතුම් වලින් යුතු විය. මෑත අතීතයේ කාන්දු වෙන්නට පටන් ගත් අතොරක් නැති සමාජ දේශපාලන හා ආර්ථික බලපෑම් වලට ගොදුරු වන තුරු මිනිස්සු ලද දෙයින් තෘප්තිමත්ව, සාරධර්ම රැකගෙන ජීවත් වූහ. එහෙත් ධනය ඉපැයීමේ තෘෂ්ණාවෙන් අතිධාවනයක යෙදෙන්නට වෑයම් කළ ඇතැමෙක් අර සාරධරම් කෙළෙසාලමින් ජීවිතය කණපිට පෙරළා ගත්හ. එබඳු අමුතු වෙස් ගත් සමාජයක් තුළ මිනිසකුගේ ජීවිතයේ හැඩතල වෙනස් වන්නට පටන්ගන්නා අයුරු ' මිනිස්සු' නවකතාව තුළින් විමසා බැලේ.