"එසේ නම් බ්‍රාහ්මණය මම ඔබ විචාරමි. අහපත් නිලුපුලෙන පුසුඹ පැහැය හා සෝබාව කොතරම් කලක් ආස්වාදනය කළ හැකි දැ යි කියත්ත? "
" හෝරාවක් දෙ හෝරාවක් හෝ එයට ද වැඩි කාලයක් ආස්වාදනය කළ හැකි වන්නේය. "
" පින්වත් බ්‍රාහ්මණය, එයින් ඉක්බිති ව එහි පුසුඹ පැහැය හා සෝබාව කෙසේ ද ? මුකුලිත වූ කවර හෝ පුෂ්පයක් සියතට ගෙන සිඹින්නෙක්, නරඹන්නෙක් සිටිත් ද? පින්වත් බ්‍රාහ්මණය, මම යළිත් ඔබ විචාරන්නෙමි. මෙහි පසුවන ස්ත්‍රීන් දෙදෙනා ගෙන් ඔබ දියණිය මට හඳුන්වා දෙන්න? "
"කුමාරයාණෙනි, ආරම්භයේ දී කෝළ හැගීමෙන් යුතු ව. මහත් වේගයෙන් ඇස මරමින් නෙතඟ බැලුම් ඇති ව සිට, දැන් හේබාගිය ළහෝපලූ පතක් සේ පහත් කැරගත් හිසින් ද, අඩව පියාගත් නෙතින් ද පසුවන අභිරූමතිය මාගේ දියණිය ය. ඔබ ගේ දකුණු පසින් පසුවන්නී ඕ ය; මාලාදාමය වමතින් බාගත්වනම සිටින්නී ද ඕය. ''
" බ්‍රාහ්මණය මම ඇය හඳුනාගතිමි. ඔබ බිරින්දෑත් දෝණියන්දෑත් අතර වයස් පරතරයක් ඇති බව පමණක් දකිමි. එකියක සුරූපියක හා අනිකිය විරූපියක බව නොදකිමි. මෙයින් විසි තිස් වසරකට පෙර ඔබ බිරින්දෑ කෙසේ ද බ්‍රාහ්මණය? ''
බ්‍රාහ්මණයා ගේ මුව ප්‍රහර්ෂයෙන් පිරීගියේ ය. ''කුමාරයාණෙනි, එවකට ඇය ද මාගේ දියණියට සමාන රූ ඇති රූමතියක් ව සිටියා ය.”
"එසේ නම් බ්‍රාහ්මණය, තවත් විසි තිස් වසරකට පසු ඔබේ දියණිය කෙසේ දැයි ඔබට කිව හැකි ද? "