මිනිසා ධනය ඉපැයීමේදී, දැන් මට ඇතැයි තෘප්තිමත්ව විවේක ගන්නා දවසක් අද සමාජය තුළ දැකිය නොහැක. තමාට, තම දරුවනට පමණක් නොව, දරුවන්ගේ දරුවනට ද හරි හම්බුකොට තැබිය හැකි නම් ඊට වැඩි සතුටක් සම්පතක් නැති තරම්ය. මේ ව්‍යායාමයේදී යටකී අරමුණු සාක්ශාත් කර ගන්නෝ මෙන්ම, ජීවිතය ඛේදවාචකයක් කර ගන්නෝ ද එමට සිටිති.
පියතිලක මෙයින් කවර කොටසට අයත්දැයි විමසා බලන ලෙස ' නොමිනිස්සු' නවකතාව පාඨකයිනට ආරාධනා කරයි.