අවසන් සුසුම වාතලයට මුසුවන විට,
දෑස ඉදිරියේ මැවුන එකම රුව
ආග්‍ර...
ඇට කටු පොඩි වී
වේදනාවෙන් මිරිකෙන විට,
දුටුවා ඔබේ දෑසින් වැගිරුණු කඳුළු
අනේ ආග්‍ර...
දැණුනු අවසන් සිතුවිල්ල නම්,
පැමිණිය යුතුය මම නැවත..
තව ආත්මයක් ගියද...
පැමිණිය යුතුමය මම...
නිදොස් කොට නිදහස් කිරීමට ඔබව..
මගෙ ආග්‍ර...