ගෑනුන්ට ඉඩ තියනවා ශරීර ශක්තියෙන් පිරිමින්ට වඩා දශමයක් හරි අඩු නිසා ඒ අඩුව පුරවන්න ගෑනුන්ට වැඩියෙනුත් එක්ක ඉව තියනවා. තමන් ආදරේ කරන පිරිමි මොනාහරි හිතන කොට ඒ හිතන්නේ මොනවද ඊට පස්සේ එයාට හිතෙන්නේ මොනවද කියලත් ගෑනු හරියටම අනුමාන කරනවා. ඒ පිරිමියා සමහරවිට තමන්ගේ මිනිහා වෙන්න පුළුවන්, එහෙමත් නැත්තම් තමන්ගේ පුතා වෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් ගෑනු පපුවෙන් ආදරේ කරනවා කියන්නෙම ඒ ඉට වැඩ කරන්න ගන්නවා කියන එක.