“කොහෙද ක්ලෙයා මෙච්චර වෙලා හිටියේ?” ඈ බියපත්ව විමසුවාය.
“ඇයි? මං කොහෙවත් හිටියෙ නැහැ! මං වෙනදා වෙලාවටම ආවනේ!” ක්ලෙයාද විමතියෙන් කීවාය.
“වෙනදා වෙලාවට? දැන් රෑ දොළහයි!”
“වෙන්න බෑ. රෑ නමය නෙවෙයිද?”
“නෑ... බලන්න ඔර්ලෝසුව දිහා!”
අම්මා ඔල්මාදයෙන් යැයි සිතමින්, ක්ලෙයා බිත්ති ඔර්ලෝසුව දෙස බැලුවාය. ඈ කී පරිදිම වේලාව රාත්‍රී දොළහ විය. ඇයට ඇස් අදහාගත නොහැකි විය.
ක්ලෙයාගේ ජීවිතයෙන් පැය තුනක් අතුරුදන් වී තිබිණි!
ඇයට මතක අර විසල් විශ්ව යානාව දැකීමත්, තව නිමේෂයකින් එය නොපෙනී යාමත් පමණය!