වසර තිහකට පසුව මුණගැසුණු ඒ දෑස් තාමත් එදා වගේමයි.
නිලාවේලි මුහුදු වෙරළේ ඉර උදාව මෙන්ම ඉර බැස යන සැන්දෑව ද දෑසින් එකට විඳි, කෝපි සාප්පුවේ උණුසුම් කෝපි කෝපයක සුවඳ අතරේ ගෙවුණු ඒ සොඳුරු අතීතය, පරණ චිත්‍රපටවල මතකයන් සහ කැසට් පටවල හඬ අතර හුවමාරු වුණු ඒ බැඳීම් වලට එදා නමක් තිබුණේ නැහැ.
ඉතින්, ආදරය කියන්නේ සෑමවිටම එකතු වීමමද?
නැතිනම් ඒ මඟ හැරීම තුළින් සොයාගත හැකි අමුතුම සතුටක් තියෙනවාද?
අසම්පූර්ණ ආදරයක සම්පූර්ණ අවසානය සොයා යන මේ ගමන,
ඔබේ හදවතේ කොනක සැඟවී තියන ඒ පළමු ආදරයේ මතකය යළිනත් කඳුළකින් මෙන්ම සිනහවකින්ද අවදි කරනු ඇත.