"ජෝන් ස්ලෝපර්... එක්දාස් අටසිය පනස් දෙක... එක්දාස් නමසිය දහ තුන... මම එක් පැරණි කුරුසයක කොටා තිබූ අකුරු කියෙව්වෙමි.
"අම්මෝ මෙයාලා නම් ඉපදිලා මැරිලා ආයෙ ඉපදිලත් ඇති... මේ බලන්න ජෙනා තෝමස්... එක්දාස් හත්සිය අනු අට... එක්දාස් අටසීය තුන... අවුරුදු පහක ළමයෙක්... මෙයාද හොල්මන...?"
"නෑ ගවීන්... ජෙනා කෙල්ලෙක්... අනික හොල්මනට වයස අවුරුදු නමයක් විතර... ඒ අනිවාර්යෙන්ම ෂේන් බිලවුට්..."
"මී.... හිමරූ... නවීන්... මෙහෙ වන්න මෙන්න මෙතන ඉන්නවා ෂේන් බ්ලවුන්ට්..." සොහොනේ අනෙක් පස පරීක්ෂා කරමින් සිටි ප්‍රවීන් අයියා කෑගැසුවේය.
අපි දෙදෙනා වහා වී අසලට දිව ගියෙමු.