ලිහිලෙන් පවන් සල, සල
ග්‍රීෂ්මය කුඩා සීතලක් බවටත් පෙරළන
පෙණ උඩ පනින බීර වීදුරු මතුපිට
ජපන් සිතුවම්වල මාළු පීනන
මම දැන් ඒ කුඩා වීදුරුවෙත් ගිලෙන
එහෙම කාලගුණයකි දැන් අප අතර