ඒ සඳහා ඔබ විවේකයක්, නිසි නින්දක් නොලබා වැඩ කළහොත් ඔබේ බිඳවැටීමක් සිදු වනු ඇත. අප මෙලොවට පැමිණ ඇත්තේ ඒ සඳහා නොව සතුටින්, සාමයෙන් ජීවත්වීම සඳහා ය. එහි දී කළ යුතු කාර්යයන් පහක් ඇත. ඒවා නම් පෞද්ගලික හැකියාව වැඩි දියුණු කර ගැනීම, කාර්යක්ෂමව වැඩ කිරීම, තම පවුලට කැපවී වැඩ කිරීම, කලා කෞෂල්‍යය අත්කර ගැනීම සහ සමාජයට නිහතමානීව සේවාවක් කිරීම වෙයි.