ඒ හැමදේම පටන්ගත්තේ සුදුපාට ගනකම් හිම ඇතිරිල්ලකින් පුදුමාකාර ලන්ඩන් නගරෙ වැහිලා ගිය, මිදුණු හිමකැටිති අස්සෙත් උණුසුම හැංගිලා තියෙන, සීතලේදි උණුසුම් වෙන හදවත්වලින් ලස්සන හීන දකින මායාකාරී රාත්‍රියක.
ඈතින් හමාගෙන ආව හුළඟ වුණත් පුදුමාකාර තරම් සීතලයි.
අර ඈතින් පේන්නෙ තරු එළියක්ද?
නැත්නම්...
බාටි නෝනගේ අමුතු අනාථ නිවාසෙ දොර ළඟ සීතලේ වෙවුලමින් හිටපු පුංචිම පුංචි ලස්සන බබෙක්ගෙ හීන පිරුණු දිලිසෙන ඇස් දෙකක්ද?
ඔව්!
ඒක ප්‍රාතිහාර්යයන් ගැන විශ්වාස කරපු ඇස් දෙකක්...
ඉතිං මේක ප්‍රාතිහාර්යයන් විශ්වාස කරපු පුංචි ළමයෙක් ගැන කතාවක්...