දුම්රිය වූ කලී සංස්කෘතියක එක්තරා පදාසයකි. දුම්රිය මාර්ග පිහිටුවීම යනු එක් අතකින් ප්‍රාථමික සමාජයක් තුළ යම් අතීතකාලයක දී දකින්නට ලැබුණු මහා පෙරළියකි. විස්මයජනක පියවරකි. දුම්රිය මාර්ග ඇරඹීම යනු එක් අතකින් නව සංස්කෘතියක ඇරඹීමකි. එය ලොව ඕනෑම රටකට මෙන්ම ලංකාවට ද පොදුය. එහි සැඟව ඇත්තේ ඉතිහාසයකි. රසබර එහෙත් වැළලී ගිය අත්දැකීම් සමුදායකි. එකින් එක මේ තොරතුරු හෙළිදරව් කර ගැනීම ඉතිහාසය අලුතින් කියැවීමකි. අපූරු අත්දැකීම් සහිත ලොවකට දොරගුළු හැරීමකි. ලක්බිම ඉරිදා සංග්‍රහයෙහි උපකතුවරයකු මෙන්ම සම්මානිත පුවත්පත් කලාවේදියකු වන අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු මේ එළිදරව්වෙහි ලා සිදුකර ඇත්තේ මහත් කැප කිරීමකි. ඒ සඳහා කදිම සාක්ෂියකි.