ඇය වික්‍රමාන්විත ය. නිර්භීත ය. දඟකාර ය. කෙළිලොල් ය. නිවසට වී සොයුරියන් සමඟ මැහුම් ගෙතුම් කිරීමට වඩා සොහොයුරන් හා එක් ව විස්කොන්සින් වනයේ සැරීමට ප්‍රිය කරන්නී ය. නම ඇසූ පමණින් අන් අය බියපත් වන රතු ඉන්දියානුවන් හා මිතුදම් පවත්වන්නී ය. මේ ඇගේ කතාවයි. දශක ගණනාවක් තිස්සේ ලොව පුරා පාඨක සිත් සතන් අමන්දානන්දයට පත් කරමින් සිටින කැඩී වුඩ්‍රෝන්ගේ කතාවයි. කැරොල් රයිරි බ්‍රින්ක් නම් වන මුල් කතුවරියගේ මිත්තණිය පිළිබඳ සැබෑ කතාවයි.